අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී කනක හේරත් මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
සමෘද්ධි සහනාධාරලාභීන් තොරාගැනීම සඳහා සමීක්ෂණයක් මේ වනවිටත් සිදු කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා,එම දත්ත මේ වනවිට පරිගණකගත කිරීමේ කටයුතු සිදු කෙරෙනබව පැවසී ය.
සමීක්ෂණයෙන් අනතුරුව තෝරාගන්නා ලබන පවුල් සඳහා සහනාධර ලබාදීමට කටයුතු කරනවා. ලක්ෂ 25ක් පමණ සමීක්ෂණයට භජනය කර තිබෙනවා. මේ වසර අවසන් වීමටපෙර අඩු ආදායම්ලාභීන් හඳුනාගැනීමට හැකියාව ලබෙන බවද අමාත්‍යවරයා පිළිතුරු ලැබාදෙමින් පැවසී ය.