පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සභාව වෙත දැනුම් දුන්නේ ය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිළිතුරු කතාව කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ, හැම දේම වැට් බද්දට ඇතුළත් වෙන්නේ නැති බවය.වැට් බද්ද එකතු කරන්නේ රටේ ආදයම ලබාගන්නයි.භාණ්ඩ හා සේවා අසූ එකක් වට් බද්දට ඇතුළත් වෙන්නේ නැතැයි ද මුදල් අමාත්‍යවරය පැවසී ය.
වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත , ජාතිය ගොඩනැගීමේ බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත කාරකස සභා අවස්ථවේ දී සළකා බලා සම්මත වූ බව නියෝජ්‍ය කතානායකවරයා දන්වා සිටියේ ය.
විසර්ජන ( සංශෝධන ) පනත් කෙටුම්පත සඳහා කාරකසභා අවස්ථාවට පෙර ඡන්දය විමසීමක් සිදු වූ අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 112 සහ විපක්ෂව ඡන්ද 45 ලැබිණි. විසර්ජන ( සංශෝධන ) පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධිත ආකරයෙන් සම්මත විය.
එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් කාරක සභා අවස්ථවට පෙර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය. ඒඅනුව නාමිකව ඡන්ද විමසීම සිදු කළ අතර, පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 112 හා විපක්ෂව ඡන්ද 46 ක් ලැබිණි.තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 76ක් සහ විපක්ෂව ඡන්ද23ක් ලැබිණි.ඒ අනුව පනත් කෙටුම්පත තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව නියෝජ්‍ය කතානයකවරයා සභාවට දන්වනු ලැබීය.
එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධිත ආකරයෙන් සම්මත වූ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසී ය.