එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගැනීම අද (26) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීම සිදු කළේ ය.
අපිට අවශ්‍ය වන්නේ මෙය හරි මාර්ගයට ගේන්න.මෙතෙක් දුර බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කර තිබෙනවා.මෙතෙක් දුර ආදායම සීග්‍රයෙන් අඩු වුණා. අපි අකමැත්තෙන් සියයට 15% ගේන්නේ. පුළුවන් ඉක්මනින් අඩු කරනවා. අයවැය පරතරය අඩු කරගෙන රටේ මූල්‍ය ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට හංගන්න අවශ්‍ය නෑ. මීට පෙර කිසි සේත් කතා කර නෑ. ග්‍රීක් බොන්ඩ් ගැන කත කරන්නේ නෑ. හොරකම් වහනවා.ආණ්ඩුවට මඩ ගහන්න කරගෙන යනවා. මේ වියදම වැඩි වී තියෙන්නේ නිකම් නොවේ. නාස්තිකාර වියදම් නිසයි.
අපට අවශ්‍ය වුණා ලාබ ලබගැනීමට. ජාත්‍යන්තරයෙන් අවශ්‍ය තරම් ණය ලබාගන්නට පුළුවන්. අප දැන් වඩා මූල්‍ය පාලනයක් සහිතව ණය ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.ණය කන්දරාවක් තිබුණා. ආදයම උත්පාදනය කරන්නට සිදු වුණා ණය ගෙවන්න. වැට් බදුවල සියයට 15% අඩු කරනවා, වැඩි කාලයක් යන්නට කලින්. වැරදි අර්ථකතනයක් දෙන්න හදනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වැට් බදු ඉවත් කර තිබෙනවා. අද සමාන්තර සංවර්ධනයක් ඇති වී තිබෙනවා. රටේ සවි ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමටයි වැට් බදු ගෙන එන්නේ.
ආදායම වැඩි කිරීමෙන් ජනතාවගේ බදු බර අඩු වෙනවා. එයයි අවශ්‍ය.නවීකරණයක් සිදු වෙනවා. නිකරුණේ මුදල් නාස්ති නොකර උපරිමයෙන් මුදල් පවිච්චි කරනවා. මේ මේ අවස්ථාවේ දී ජතික ආර්ථිකයක් හදන්න ඉදිරිපත් වී සිටිනවා. එයට සහයෝගය ලබාදෙන්න්න. ආදායමක් එකතු කරලා,අත්‍යවශ්‍ය භාණ්ඩ 15 මිල අඩුවී තිබෙනව. ඊටවඩා අඩු කරන්න කැමැතියි. සමස්ත රටේ රටේ ඉදිරි ගමනක ආර්ථික වැඩපිළිවෙලයි ආරම්භ කරන්නේ යැයි ද මුදල් අමත්‍යවරයා පැවසී ය.