යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන්
පවත්වන විමර්ශන කටයුතු සාධරණව සිදු කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ
දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ
ය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන්
වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිළි කිරීමක් නීතිය හා සාමය සහ දක්ෂිණ
සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.
සිසුන් දෙදෙනාට වෙඩි වැඩීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින්
ප්‍රශ්න කර සිටියේ ය.
එහිදී සිදුවීමට අදාළව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කරුණු
පැහැදිළි කළේ ය.
සිදුවීම සම්බන්ධයෙන් පවුලේ සැම වෙත කණගාටුව ප්‍රකාශ කරනවා.රජයත් විපක්ෂයත්
ජනතාවත් අද විශාල ප්‍රයත්නයක් දරනවා, ජාතික සංහිදියාව ගොඩනගන්නට.උතුරු
නැඟෙනහිර සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමට කටයුතු කරන අවස්ථවක මෙවැනි සිදුවීම් ඇති
නොවිය යුතුයි.
විමර්ශන කටයුතු සාධරණව සිදු කිරීමට කටයුතු කරනවා.සිදුවීම සම්බන්ධයෙන්
කණගාටුවෙනව යැයි ද අමාත්‍යවරයා පැවසී ය.