යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනාගේ මරණය පිළිබ`ද පුවත අසා මම දැඩි සංවේගයට පත්වීමි.
එම සිද්ධිය සැලවූ වහාම අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණයක් පවත්වා අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මා විසින් නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව එම සිදුවීම පිළිබ`ද පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු වෙනු ඇති.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සිසුන්ගේ දෙමාපියන් වෙත වන්දි මුදලක් ගෙවීමටද ඉදිරියේදී තීරණය කර තිබේ.