නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉන්දියාවට යයි

    ඔක්තෝබර් 16, 2016

    කලාපීය සංවිධානයන්හි සහයෝගිතාවේ නව මුහුණුවරක් සනිටුහන් කරමින් පැවැත්වෙන බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් BRICS – BIMSTEC සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (15) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    වාර්ෂිකව අට (08) වන වරටත් පැවැත්වෙන බි‍්‍රක්ස් (BRICS) සමුළුවේ සත්කාරකත්වය හා සභාපතිත්වය ඉන්දියාවට හිමිව ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සමුළුව සඳහා සහභාගි වේ.

    ඊයේ ( 15) සහ අද (16) දෙදින පුරා මෙම සමුළුව ඉන්දියාවේ ගෝවාහිදී මෙම සමුළුව පැවැත් වේ.

    ඉන්දියාව, චීනයල රුසියාව, බ‍්‍රසීලය, දකුණු අප‍්‍රිකාව යන නැගී එන ලෝක ආර්ථික පස් වන බලවතුන්ගේ සහ බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව යන බිම්ස්ටෙක් (BRICS) රාජ්‍යයන් ඇතුළු ඇෆ්ගනිස්ථානය මාලදිවයින් රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

    ප‍්‍රතිචාරාත්මක, සියල්ලන් ඇතුළු වන සාමූහික විසඳුම් ගොඩනැගීම, තේමාව කොට ගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේදී බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව, සෞඛ්‍ය, තිරසාර වර්ධනය, පිරිසිදු සහ හරිත බලශක්තිය යන අංශ පිළිබඳව අවධානයට ලක් වනු ඇත.

    සමස්ත ලෝක ජනතාවගෙන් අඩකටත් ආසන්න ප‍්‍රමාණයක් මෙම සංවිධානයට ඇතුළත් වන අතර සාමාජික රාජ්‍යයන්ගේ සමස්ත ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියන 16.6 ක් වේ. සමස්ත විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 4 ට වඩා වැඩි බව ද ගණනය කොට ඇත. ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් 37‍% ක් ද, ලෝක වෙළෙඳාමෙන් 17‍% ක් ද බි‍්‍රක්ස් සංවිධානය නියෝජනය කරන රටවල් සතුව පවතී.

    ලෝකයේ බලවතුන් වීමට තරඟ කරන ප‍්‍රබල රාජ්‍යයන් සමඟ සමගාමී වීමට මෙම සමගාමී සමුළුවේදී මැදි ආදායම් රටක් ලෙස ශ‍්‍රී ලංකාවට ලැබී ඇති අවස්ථාව සුවිශේෂී වේ.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ලද ශ‍්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව ලෝක බලවතුන් හමුවේ ජනාධිපතිතුමාට අදහස් දැක්වීමට ලැබීම ද ශ‍්‍රී ලංකාවට යහපත් ලෙස බලපාන්නකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya