ඒ සඳහා වේගවත් ගමනක් යා නොහැකි අතර ඉතා සැළසුම්සහගත සහ ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් ඔස්සේ රජය කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ අනුරාධපුර, ගල්නෑව මහවැලි කී‍්‍රඩාංගණයේ පැවති කාන්තා ගොවි සම්මේලනය අමතමිනි.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් සියලු කෘෂිකාර්මික ඉඩම් තිරසර සංවර්ධනයට අදාළව ගම්මාන මට්ටමෙන් මනා ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යාම සඳහාත් කාන්තා සහභාගිත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම ගොවි සම්මේලනය සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මේ රටේ ජාතික ආර්ථිකයේ පදනම වී තිබෙන්නේ දිරිය දියණියන්ගේ සහ දිරිය කාන්තාවන්ගේ ශක්තිය බවයි.
නව තාක්ෂණය සමඟ ඉදිරියට යන රටක් ලෙස එය වෙනස් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ගෘහ සේවයේ සිට සියලූ අංශවල දැනුම මුල්කරගත් නවෝත්පාදන ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යා යුතු බවද සඳහන් කළේය.
අපේ රටට ගෙවතු වගා සංකල්පය ඉතා උචිත සංකල්පයක් මෙන්ම ඉතිහාසය සමඟ බැදී පවතින උරුමයක් බව ද පැවසූ ජනාධිපතිතුමා පවුලේ පෝෂණයට මෙන්ම රට දුගී බවින් නිදහස් කර ගැනීමට එය ශක්තිමත් අත්වැලක් බව ද කියා සිටියේය.
2017 වර්ෂය රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වසර බවට පත් කිරීමේ ජාතික වැඩසටහන සමග කි‍්‍රයාත්මක වන මෙම ගෙවතු වගා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන බේදයෙන් තොරව සියලූදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
2016-2018 තුන් වසරේ කි‍්‍රයාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ගම්මාන 25,000 ක ආදර්ශ ගෙවතු ලක්ෂ 05 ක් පිහිටුවීමට නියමිතය.
මෙහිදී ප‍්‍රමුඛ අවධානය යොමු කරන්නේ පවුල් ඒකකයන්හි ප‍්‍රබල භූමිකාවක් හොබවන කාන්තා නියෝජනයටයි. ඒ සඳහා ඔවුන් සංවිධානගත කිරීමත්, සවිබල ගැන්වීමත් මෙම ගොවි සංවිධාන මගින් අපේක්ෂිතය.
කාන්තා ගොවි සංවිධාන ව්‍යවස්ථා මාලාව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ර්‍ණසිතමු” කාන්තා ගොවි සංවිධාන ලියාපදිංචි සහිතක පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් සිදු විය.
ගොවි විශ‍්‍රාම වැටුප් ලබාදීම, ගොවි සමිති සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයේ නියෝජිත තනතුරු ලබා දීම, ‘‘කෙතට අරුණ” පොහොර සහනාධාර වන්දි ලබාදීම, කෘෂි වගා ලිං ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී කි‍්‍රයාත්මක කෙරිණි.
ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් ද, ගොවි සංගම් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.