නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන ඉඩම් මැණීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 06, 2016

    ඉඩම් ලබාදීමේ දී නවීන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන මැණුම් කටයුතු සිදුකරන්නට අපේක්ෂා කරන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ඉඩම් අත්කර ගැනීමේ පනත් කෙටුම්පතේ නියෝග විවාදයට ගත් අවස්ථාවේ දී ය.

     

    පසුගිය කාලය මුළුල්ලේම අධිවේගී මාර්ග ඉදිරිකිරීමේ දී වන්දි ගෙවීම සම්බන්ධයෙන් ගැටළු තිබුණා. මාතර - හම්බන්තොට සහ මධ්‍යම අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. ව්‍යාපෘති 18ක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. යෝජනා සහ අදහස් සැළකිල්ලට ගනිමින් මේ සඳහා නෛතික තත්ත්වයක් ක්‍රියාත්මක කරන්නට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. වන්දි ලබාගැනීමේ දී සෑහීමකට පත් නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා.

     

    ඉඩම් සම්බන්ධයෙන් රජයේ තක්ෂේරුකරු විසින් එය තීරණය කරනවා. අද පවතින මිල ගණන් අනුව එම ඉඩම් තක්ෂේරු කරනවා. ඉඩම් ලබාදීමේ දී නවීන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන මැණුම් කටයුතු සිදුකරන්නට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේ වෙනුවෙන් ගුවන් ඡායාරූප ද යොදා ගන්නට අපේක්ෂා කරනවා. ඇතැම්විට විශාල ව්‍යාපෘති වෙනුවෙන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මැණුම් කටයුතු සිදුකර තිබෙනවා. නව තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ ඔවුන් කටයුතු කරනවා. කිරණ තාක්ෂණය ද යොදා ගෙන තිබෙනවා.ඉඩමට අදාළ වූ ගැටළු විසඳන්න සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya