මෙම ඒකකය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවත් තැලසීමියා රෝගින්ට ඇට මිදුලු බද්ධ කිරීමේ පළමු ඒකකය මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙහි ඉදිකළ බවද අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදි මහනුවර දිස්ත්‍රීක් මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුවඳ විලවුන් නියාමන පනත සැකසීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි.