මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණයට එරෙහිව කතාකරනවා වගේම ක්‍රියාත්මකවීමේ වගකීම පක්ෂ විපක්ෂ සැමට තිබෙනවා

    නොවැම්බර් 04, 2015

    දූෂණයට එරෙහිව කතාකරනවා වගේම ක්‍රියාත්මකවීමේ වගකීමක් පක්ෂ,විපක්ෂ සැමට තිබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    වංචා, දූෂණ, නාස්තිය පිළිබඳව මෙන් ම ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  විසින් ඉදිරිපත් කළේ ය.


    අපේ නීතිය ගැන විශ්වාසය නෑ කියලා කියපුවාම ජාත්‍යන්තරයෙන් මොකද වෙන්නේ.මෙහෙම කරන්නේ රටට ආදරය කරන දේශප්‍රේමින්.

    ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය පිළිබඳව ජනතාවට ඇත්ත දැනගැනීමට අයිතියක් තිබෙනවා. දූෂණය ගැන කතාකරනකොට සමහරුන්ට හදිසියක් තිබෙනවා.නීතිය සිදුකර දඬුවම් දීලා, සතුටුවීමේ ආශාව තිබෙනවා.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි කිව්වා යහපාලනය ඇතිකරනවා කියලා. අපිට පසුගිය රජය කාලය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. අපේ ගෙවල්වලට වෙඩි තියද්දි අපි දූෂණය ගැන කතා කළා.

    අපි පාලිගන්න සූදානම් නෑ.ආණ්ඩුව විවෙචනය කරනවා කියලා පලිගන්න සූදානම් නෑ.එදා මම දූෂණය ගැන කතාකරනකොට මාධ්‍යයෙනුත් ගැහුවා. 

    මම මෙතනට ආවේ මට ඩීල් දාන්න නොවේ රටට ඩීල් එකක් දාන්නයි. රට ගැන හොඳ ප්‍රතිචාරයක් හදාගෙන යන රටක්.අවන්ගාට් ගාර්ඩ් සිද්ධිය පිළිබඳ ආණ්ඩුවට චොදනා එල්ල වුණා.අපි පුරුදුවෙන්න නීතිය ගැන කතා කරන්නේ නෑ.විවේචනය කරන්න.චෝදනා ඉදිරිපත්
    කරන්න.ආණ්ඩුවක් යහපාලනයට යනකොට විවේචනයට කැමතියි.අසාධාරණ,දූෂණය,වෛරය,ක්‍රෝධය බවට පත්කරගෙන කතා නොකර, සත්‍ය දැනගෙන චෝදනා කරන්න.

     

    අද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි.නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ පූර්ණ වගකීම මට තිබෙනවා.නීතිපති දෙපාර්තමේන්තුව සමඟ වසර 31ක් හැප්පිලා තිබෙනවා. වැරදිනම් ඉල්ලා අස්වෙනවා. හරිනම් ආරක්ෂා කරනවා.මේ රටේ කැලෑ නීතිය තිබුණා.අධිකරණ
    පද්ධතිය බිඳදමන්න එපා. මේ ආයතන කඩා වැටුණොත් අපේ දරුවන්ටවත් පාරේ යන්න බැරි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya