නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී සිටිය යුතුයි

    ඔක්තෝබර් 22, 2015

    මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී සිටිය යුතු බවත් එය සිදු කළ යුත්තේ දේශීය නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බව පළාත් පලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය

     

    මේ වෙලාවේ මේ රට මුහුණ දී තිබෙන ප්‍රශ්නය කුමක්ද කියලා සොයන්න ඕන.අද මුහුණ දී තිබෙන ප්‍රශ්නය,ප්‍රායෝගික එළඹුමකින් බැලිය යුතුයි.

    පසුගිය ආණ්ඩුව වැඩ කළේ, බාල විදිහටයි.ආණ්ඩුව හිතුවේ,ඉතා සරළ අඳහසකින්.එක එක වෙලාවට ජාත්‍යන්තරයට කියනවා.ජාත්‍යන්තරය කියන දේවල් ප්‍රතික්ෂේප කළා.ලෙහෙසියෙන් ගැලවීමේ මෝඩ විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගියා.

    සුඩානයට මොකද වුණේ? චීනය නිහඬව සිටියා.අද සූඩානයේ නායකයාට එරෙහිව යුද අපරාධ චෝදනා යොමු වෙලා.එවැනි පාඩම් තිබිය දී පසුගිය ආණ්ඩුව වැඩකලේ උද්දච්ඡ ලෙසයි.

    මානව හිමිකම් ප්‍රවර්ධනය කරන රාජ්‍යයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා. 2009 යුද්දය අවසන්වීමෙන් පසුව අප හැසිරුණේ කොහොමද? මාධ්‍යවේදීන් අතුරුදහන් කළා.සුදුවෑන් සංස්කෘතියක් තිබුණා.අගවිනිසුරුවරිය එළියට දැම්මා.


    අපි ජනවාරි අටවැනිදා කිව්වේ ඒකාධිපති රාජ්‍ය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා නොහැකි බවයි.බංකොලොත් දේශපාලඥයන් එදා තොරම්බෝල කළා වගේ අදත් තොරොම්බෝල කරන්න හදනවා, තම ඡන්දය වෙනුවෙන්.

    ජනතාව ජනවරමක් දී තිබෙනවා, සංහිදියාව ගොඩනගන්න.ජාතිවාදයට මේ රජය යටවන්නේ නෑ.ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීමේ දී කිසියම් ප්‍රමිතියකට කටයුතු කළ යුතුයි.ජාත්‍යන්තරයෙන් උදව් ලැබෙනවානම්, එය ගැනීමේ වරදක් නෑ.

    අද ආපසු ජාතිවාදය වපුරන්න හදනවා.වම කියන්නේ හරි දේ වෙනුවෙන් පෙනී සිටීමයි.අද හමුදාව සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළනවා.ව‍යාජ රණවිරුවාදයක් තිබෙනවා.රනවිරුවන් ගැන සැබෑ ගෞරවයක් තිබුණානම් සරත් ෆොන්සේකා හිරේ දානවාද?එදා යුද ජයග්‍රහනය තමන් සතු කර ගැනීමට රනවිරුවන් භාවිතා කළා. සැබෑ ගෞරවයක් තිබුණේ නෑ.


    ජාතිවාදී වර්ගවාදී අඳහස් පෝෂණය කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.ජනමාධ්‍ය එසේ කරනවානම් සිදුවන්නේ අනාගතයේ සිවිල් යුද්ධයකට පාර කපන එකයි.රජයට හංගන්න දෙයක් නෑ. ඒකයි මේ විවාදය ගෙනාවේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya