නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

    ඔක්තෝබර් 22, 2015

    ඌව පළාත් සභාව සදහා නව අමාත්‍යවරු 04 දෙනෙක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතාගේද සහභාගිත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දුන්හ.

    ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලි බල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ද ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ආර්.එම්. කුමාරසිරි රත්නායක මහතා ද මෙහිදී දිවුරුම් දුන්හ.

     

    ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන් අතර ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික, පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සාලිය සුමේධ ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබීය.

     

    නව අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya