නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමඟිය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බිහිකරමු

    ඔක්තෝබර් 22, 2015

    ජාතික සමඟිය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බිහිකරමු යැයි සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව
    පැවසී ය.

    එකතැනකට රට ඇවිත් තිබෙනවා.ජනවාරි අටවැනිදා පැහැදිළි විශ්වාසවන්ත දේශීය පරීක්ෂණයක් ගේනවා කිව්වා.ඒ සඳහා ජනතාව වරමක් දුන්නා.

    තවදුරටත් රට කාලකණ්නි කරන්න එපා.අපේ හොඳ දරුවෝ මැරුවා, අපේ හොඳ නායකයෝ මැරුවා.අද ජවිපේ පිළිබඳව සතුටු වෙනවා.ජාතික ප්‍රශ්නයට විසඳුමක් තිබෙන තැන මම ඉන්නවා.

    මිනිස්සු මරලා,ජීවිත ලංසුවට තියලා ඡන්ද කරන දේශපාලනය අපි කරන්නේ නෑ. නැත්නම් අපි ගෙදර යනවා.ජාතික සමඟිය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බිහිකරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya