උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස්දක්වමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
ත්‍රස්තවාදී ක්‍රියාවලියක් මෙරට තුළ තිබුණා. එය සාමාන්‍ය ඒකක් නොවේ.විදේශ සබදතා තිබූ බර අවි තිබූ සෑම අංගෝපාංගයක්ම සතු ත්‍රස්තවාදී ව්‍යාපාරයක්.එය යම් යම් ප්‍රදේශවල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා.මෙය මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ රජයකට වගකීමක් බවට පත් වුණා.එය සාම්ප්‍රදායික ක්‍රියාදාමයක් තුළ මණින්න පුළුවන්කමක් නෑ.එය එක් එක් රටවල දෘෂ්ටියෙන් බලලා
බෑ.
යුද්ධය ජයග්‍රහණය කර තිබුණත් රාජ්‍යතාන්ත්‍රිකව අප අසමත් වුණා ජයගැනීමට.මේ නිසා තමයි මේ අර්බුදය පැන නගින්නේ.
මෙය සම්මුතියෙන් ඉදිරියට යා යුතුයි.නිසි දියුණු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් මඟින් මෙයට මුහුණ දෙන්න ඕන.අපේ විදේශ ප්‍රතිපත්තිය සමබර විදේශ ප්‍රතිපත්තියක් විය යුතුයි.විටින් විට ප්‍රතිපත්ති මාරුවීම් නිසා අපි මේ තත්ත්වයට ඇදවැටුණා.රාජ්‍ය තාන්ත්‍රික අභියෝග
ජාවාරමක් කරගන්න ඇතැම් අය කටයුතු කළා.ඉතාම නවීන,ප්‍රතිපත්තිගරුක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් කරා අපි ගමන් කළ යුතුයි.
අපේ රටට අභියෝග ගණනාවක් ආවා.යුද අපරාධ කළා කීවා.අද අපිට හැකියාව ලබී තිබෙනවා මේ රටට එරෙහි සම්බාධක අභියෝග තර්ජන දුරුකර ගැනීමට.මේ අභියෝග දුරු කිරීමට සැවොම එකතු වී කටයුතු කළ යුතුයි.
මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වූ වාර්තා ගණනාවක් එළි දක්වා තිබෙනවා.මේ සියල්ල අධ්‍යයනය කරන විට විවධ අර්ථකතන ඉදිරිපත් කළ හැකියි.
අද වන විට අප රට තුළ නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් සිදු වෙනවා.සමබර විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.එසේ නොවුනහොත් විවධ කඩා වැටීම් වලට අපි ලක් වෙනවා.මේ සියවස අයත් ඉන්දියානු සාගරයට.විසංවාදී නොවන පිළිවෙතක් අපි අනුගමනය
කළ යුතුයි.මීට පෙර පැවැති රජයන් අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති මාරු කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් අපට විවිධ බලපෑම්වලට නතු
වුණා.රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම වෙනුවෙන් අප කටයුතු කළ යුතුයි.ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නීතිමය ලෙස කටයුතු කර ඇති බව තහවරු වී තිබෙනවා.එය සුවිශේෂී ජයග්‍රහණයක්.
අපට පැවැති බරපතල ම ගැටලු අද ලිහිල් වී තිබෙනවා.පුද්ගලයින්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රමාණයක් විතරයි.එයින්ද ඇතැම් ඒවා පදනම් විරහිතයි.සාමයට එරෙහිව රටට එරෙහිව ආක්රමණික ක්‍රියාවලියක් වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තේ එල් .ටී .ටී. ඊ. සංවිධානය බවට ඔප්පු වී තිබෙනවා.යුද්ධය වෙනුවෙන් අපේ රණවිරුවෝ විශාල කැප කිරීමක් කළා.පවතින සාමය අත්‍යවශ්‍යයි.රට ඇතුළේ දේශපාලන සම්මුතියද ඉතා වැදගත්.
පාර්ලිමේන්තුවේ සම්මුතියට පිටින් කිසිවක් කිරීමේ හැකියාව නැහැ.අපි සියලු දෙනා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට විධමත් යාන්ත්‍රණයක් සකස් කිරීමේ වගකීම අපිට තිබෙනවා.ඒ වගේම සුදු කොඩි සිද්ධිය ඇතුලු සිද්ධීන් සිය දහස් ගණනක් තිබෙනවා. එවැනි සිදුවීම් පිළිබඳ සත්‍ය, සත්‍ය ගවේශණ කොමිසමකින් සිදු විය යුතුයි.යම් යම් අපරාධ සිදු ව තිබෙනවා නම් ඒ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි. එමෙන්ම හානි පූර්ණයත් වැදගත්. හානි පූර්ණය සඳහා ජනවාර්ගික භේදයකින් තොරව කටයුතු
කළ යුතුයි.නැවත මෙවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති විය යුතුයි.