උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
ලෝකයේ පූර්ණ ස්වාධිපත්‍ය තිබෙන රටක් නෑ. රටේ ජනතාවට ගැටළුවක් තිබෙනවානම්,ඒ පිළිබඳව පැහැදිළි කර දීම ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා මේ විවාදය අප විසින් ම ලබාදී තිබෙනවා.
අපේ ආණ්ඩුවට පාවා දීමේ චෝදනා කරන හිටපු ආණ්ඩුව මොකද කළේ?. අපි ජාත්‍යන්තරයට අභියෝග කළාට කමක් නෑ. ඒ අපේ තරම දැනගෙන. එල්.එල්.ආර්.සී වාර්තාවේ යෝජනා එදා ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නෑ. යුද්ධය අවසන් වුණාට පසු ජාත්‍යන්තරය වසර 4ක් බලාගෙන හිටියා ආණ්ඩුව එකඟතා ඉටු කරයි කියලා.
යුද්ධය අවසන් වුණාට සාමය ඇති වුණේ නෑ. මාධ්‍ය නිදහසක් තිබුණේ නෑ.සුදු වෑන් වලින් ඉස්සුවා.අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළාම, අපේ ගෙවල්වලට වෙඩි තිබ්බා.
ඒ නිසා මිනිස්සු ජාත්‍යන්තරයට දුක කිව්වා.එවැනි අර්බුදයක් තිබුණා. උදලාගම වාර්තාව වසර නවයක් ජනාධිපති කාර්යාලයේ හංගාගෙන හිටියා. අපි මේවා ඉදිරිපත් කළා. ජනතාවට ඒවා ගැන දැනගන්නට අයිතියක් තිබෙනවා.
අපි අතීතයේ කළ වැරදි නැවත කරන්න හොඳ නෑ. යුද්ධය දිනලා මාධ්‍ය සංදර්ශන කළා. පිටකොටුවේ කිරිබත් කෑවා.මේවා ජාත්‍යන්තරය වාර්තා කළා.
නෙල්සන් මැන්ඩෙලා මාධ්‍ය සංදර්ශන කළ නායකයෙක් නොවේ. එතුමා සටන දිනුවා. රට නිදහස් කළා. නෙල්සන් මැන්ඩෙලා කිව්වා, පළිගැනීම සමරන්න එපා කියලා.අපි ජාතිවාදය වැපිරුවා.ජනතාව මුලා කරන්න පුළුවන් කියලා,මිත්‍යා මතවල ගැලිලා හිටියා, එක්සත් ජනතා සන්ධානය.
ජනතාව ආලෝකය හඳුනාගත්තා. ඒ වෙනස කළා,මේ රටේ ජනතාවගේ වාසනාවට.මෙය කාගෙත් රටයි.හැම පුරවැසියෙකුටම එම අයිතිවාසිකම් තිබෙන්නේ.මේ සමඟිය කඩාකප්පල් කරන්න එපා.අද ලෝකයට අවශ්‍ය එක්වන්නයි''අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.