නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අශෝක කොළඹගේ මහතාගේ අභාවය සම්බන්ධව අගමැති සොව පළ කරයි

    ඔක්තෝබර් 21, 2015

    ප්‍රතිභාන්විත ගුවන්විදුලි නිර්මාණවේදියෙකු හා දක්ෂ පරිපාලන නිලධාරියෙකු වූ අශෝක කොළඹගේ මහතාගේ අභාවය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම ශෝකය පළ කර සිටියි.

     

    නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කළ ශෝක ප්‍රකාශය -

    “අශෝක කොළඹගේ මහතා ප්‍රතිභාන්විත ගුවන්විදුලි නිර්මාණවේදියෙකි. ගී පද රචකයෙකි. ලේඛකයෙකි. මේ සියල්ල එක්තැන් කොට ගත් කළ අපූරු කලාකරුවෙකි. ඉනිදු නොනැවතී ඔහු දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

     

    ගුවන්විදුලි ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ඩී.එම්. කොළඹගේ නම් වන තම පියාණන්ගේ අඩි පාරේ යමින්, මුලින්ම වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ගුවන්විදුලියට සම්බන්ධ වන කොළඹගේ මහතා එහිදී තම නිර්මාණ කුසලතා, දැනුම මනාව දියුණු කරගත්තේ ය.

     

    ගුවන්විදුලි රඟ මඩලට අපූරු නාට්‍ය රැසක් නිර්මාණය කළ ඔහු, ගුවන්විදුලි නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කළ නිර්මාණකරුවෙකි. නන්දා මාලිනිය විසින් මුලින්ම ගායනා කළ  "බුදු සාදු” ගීතයෙහි පද රචනය නිමවමින් සරල සුගම ගේය පද රචනයේ දස්කම් ද විදහා දැක්වූ ඔහු ග්‍රන්ථකරණයෙහි ද නියැළුණේය.

     

    ගුවන්විදුලියේ සේවය නිමවන ඔහු අනතුරුව පරිපාලන සේවයට බැඳෙන අතර, ඒ හරහා අගනා රාජ්‍ය සේවාවක නිරත වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු ද වූයේය.

     

    ශ්‍රී ලාංකේය ගුවන්විදුලි, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට නොමඳ දායකත්වයක් ලබා දුන් අශෝක කොළඹගේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේත් සාතිශය සංවේගය පළ කරමින් එතුමාට නිවන් සුව අත් වේවා යි ප්‍රාර්ථනා කරමු. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya