මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව පරිසර ප‍්‍රමිතීන් ආරක්ෂාව සම්බන්ධ දර්ශකයේ ඉදිරියට ගෙන ඒම ඉලක්කයයි

    ඔක්තෝබර් 21, 2015

    පරිසර ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින බවත් තම පාලන කාලය තුළදී පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට සිටින 69 වන ස්ථානයේ සිට අවම වශයෙන් 25 වන ස්ථානය දක්වා ගෙන ඒම තම ඉලක්කය බවත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.

    බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ඊයේ (20) පැවති ශ‍්‍රී ලංකා පරිසර වෘත්තිකයින්ගේ ආයතනයේ 09 වන වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

     

    පැළයක් සිටුවීම, ගස්කැපීම වැළැක්වීම හෝ කසල කලමණාකරණය වැනි සරල මාතෘකාවක් ලෙස අපට පරිසරය රැක ගැනීම පෙනුනත් විද්‍යාත්මක ලෝකයේ සොයාගැනීම් සමග අද මානව හිතවාදීන් විද්‍යාඥයින් විද්වතුන් ඇතුළු සියලූ පිරිස් මේ විෂය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති අතර ශ‍්‍රී ලංකා පරිසර වෘත්තිකයින්ගේ සංගමයේ සාමාජිකයින් වැනි විද්වත් පිරිසක් මෙම කාරණයේදි නායකත්වය ගැනීම සතුටට කරුණක් බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    තමා පරිසර අමාත්‍යාංශය භාරගන්නා අවස්ථාවේම ඉතා තද තීන්දු තීරණ කිහිපයක් ගත්බව පැවසු ජනාධිපතිතුමා පරිසරය විනාශ කරන කිසිවෙකුට තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බවට සහතික වන බවද පැවසීය.

     

    පසුගිය කාලය පුරා පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් විවිධ ගැසට් ගෙනා නමුත් ඒවා ක‍්‍රියාත්මක නොවුණ බවද රජයක්, අමාත්‍යවරයෙක් මාරු වනවිට ගෙන තිබූ යහපත් තීන්දු තීරණ ඊළගට පත්වන අමාත්‍යවරයා ක‍්‍රියාත්මක නොකිරීම මෙරට දේශපාලන සංස්කෘතියක් වී තිබෙන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    පරිසර සංරක්ෂණය ඇතුළු ව්‍යාපෘති රැසක් ජනාධිපති කාර්යාලය මගින් සිදුවන අතර තමන් ඇතුළු රජය, සියලූ විද්වතුන්, බුද්ධිමතුන්ගෙන් නොමද සහය සැමවිටම බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කළේය.

     

    පරිසර සංරක්ෂණ සුදුසුකම් ලත් වෘත්තීයෙවිදීන්ට වරලත් සාමාජිකත්වය ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ශ‍්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.

     

    අනතුරුව මෙරට ගෙන්වන ලද පරිසර හිතකාමී විද්‍යුත් මෝටර්රථයක් ද ජනාධිපතිතුමා විසින් පරීක්ෂා කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි හා පරිසර සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් උදය ආර් සෙනවිරත්න, පරිසර වෘත්තීයවේදින්ගේ සංවිධානයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    pmu/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya