නවරජයේ සංහිදියා පිළිවෙත අගය කරමින් ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනැමූ නියෝජිත පිරිසගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව වෙනුවෙන් ආගමික නායකයින්ගේ මැදිහත්වීම අවශ්‍ය බවය.
එසේම සියළු ජනකොටස් අතර සාමය සහ සංහිදියාව පවත්වාගෙන යාම සඳහා සියළු ආගමික නායකයින්ගේ සහය අවශ්‍ය බවද ජනාධිපතිතුමා පැවසීය.
පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
SDF