මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන සංචාරය ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ සැකය හා අවිශ්වාසය දුරු කිරීමටත්, මිත්‍රත්වය හා සුහදත්වය තහවුරු කිරීමටත් සමත් වුණා

    ඔක්තෝබර් 20, 2015

    ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තුළ තිබූ සැකය හා අවිශ්වාසය දුරු කිරීමටත්, මිත්‍රත්වය හා සුහදත්වය තහවුරු කිරීමටත් අප සමත් වුණා.මෙය අපගේ සම්මුතිවාදී ආණ්ඩුව ලැබූ සාර්ථක ජයග්‍රහනයක් ලෙස හැදින්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ජපාන සංචාරය පිළිබඳව අද (20) පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ප්‍රකාශ කළේ ය.

    මාගේ නිල විදේශ සංචාරයන් සම්බන්ධයෙන් තොරතුරු මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය අනුව ජපාන සංචාරය පිළිබඳ තොරතුරු ඔබ හමුවේ ගෙන හැර දක්වන්නයි මේ සැරසෙන්නේ.

     

    ආසියාවේ ප්‍රධාන රාජ්‍යයන් වන ඉන්දියාව ,ශ්‍රී ලංකාව හා ජපානය සමඟ සමබර විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්වීම ගැන ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ඇතුළු සියලු මැති ඇමතිවරු ප්‍රසාදය පළ කළා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා රජය ගෙනයනු ලබන යහපාලන වැඩ පිළිවෙල පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සියලු මැති ඇමතිවරු ප්‍රසාදය පළ කළා.

     

    ජිනීවා හි පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීම පිළිබඳව ජපාන අගමැතිවරයා සිය ප්‍රසංසාව පළ කළා.අනුව සත්‍ය සෙවීමේ දේශීය යාන්ත්‍රණයක් සඳහා ජපානයේ උපරිම සහාය ලබාදෙන බව පැවසුවා.

     

    එදා ශ්‍රී ලංකාව ජපානය වෙත දැක්වූ අනුග්‍රහය අද ද ඔවුන් සිහිපත් කරන්නේ ගෞරවය ප්න මහතා ලෝක ජන මතය වෙනස් කරමින් සිදු කළ ඒ අභීත ක්‍රියාව පිළිබඳව කෘතවේදී මතකයන් මතු පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන බවට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ප්‍රකාශ කළා. එය සමස්ත ශ්‍රී ලංකාව වෙතම දැක්වූ සැබෑ ගෞරවයක්.

     

    මුළු මහත් ලෝක ආර්ථිකයම පසුබෑමකට ලක්වෙමින් පවතිනවා.ඒ අතර ආසියාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා.මේ කරුණු සියල්ල, 2015 සඳහා වූ ජපානයේ නිල සංවර්ධන සහාය පිළිබඳ වූ ප්‍රකාශයත් පදනම් කර ගනිමින් අග්‍රාමාත්‍ය අබේ මහතා ප්‍රධාන ජපාන නියෝජිතයන් සමඟ පැවැත් වූ සාකච්ඡාවල දී අප ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ගැන විශේෂ අවධානය යොමු කළා.

     

    ආයෝජන සහ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම, ජාතික සංවර්ධනය,සාම සාධනය සහ ජාතික සංහිඳියාව, මේ ක්ෂේත්‍ර තුන පදනම් කරගනිමින් පුළුල් විස්තීර්ණ හවුල්කාරීත්වයක් දෙරට අතර ඇති කරලීම පිළිබඳව අප සාකච්ඡා කළා.

     

    විශේෂයෙන් ම තාක්ෂණ ක්ෂේත්‍රය තුල ජපානය ලබා ඇති දියුණුව බෙදා හදා ගැනීම ගැන අපේ අවධානය යොමු වුණා.ලබන වසරේ පේරාදෙණියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සමුළුව සඳහ සහාය වීමටත් ජපානය එකඟතාවය පළ කළා.

     

    ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතරත්, ජපන් සමාගම් සහ ශ්‍රී ලංකා රජය අතරත්, ජපන් සමාගම් සහ ශ්‍රී ලංකා සමාගම් අතරත් සම්බන්ධතා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා ආදායම් මාර්ග සහ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමට මේ සාකච්ඡාවේ දී පදනම සැකසුණා.

     

    ගුවන්තොටුපල සංවර්ධනය,කොළඹ නැව් තටාකාංගනය සංවර්ධනය කිරීම, මහනුවර නගරය පුළුල් කිරීම සදහා සැලසුම් සකස් කිරීම, ගාලු සහ ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය පිළිබඳව සැලසුම් සැකසීම,බලශක්ති උත්පාදනය ආදී ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව ජපානයේ අවධානය යොමු කරලීමට අපට හැකි වුණා.

     

    කටුනායක ගුවන්තොටුපල සංවර්ධන කාර්යයන් සඳහා ජපාන යෙන් බිලියන 45ක ණය ආධාර ලබාදීම සම්බන්ධ ගිවිසුමට ද මෙම සංචාරයේ දි අත්සන් තැබුණා.එම සංවර්ධන කාර්යයන් අවසන් වීමෙන් පසු, තවදුරටත් කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීම අපගේ අරමුණයි.

     

    මේ සංචාරය සඳහා සහභාගී වූයේ ඉතා සුළු පිරිසක්.ඒ නිසා මේ සංචාරය ආදර්ශවත් මෙන් ම ප්‍රතිඵලදායී සංචාරයක් බව සඳහන් කිරීම නිවැරදි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya