මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නලජල පහසුකම් නොමැති,ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබෙනවා

    ඔක්තෝබර් 20, 2015

    නලජල පහසුකම් නොමැති එහෙත් ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබෙන බවත් වසර 2020 වනවිට ජනගහනයෙන් සියයට 61%ක් ජල අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී
    ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසයි.


    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    දැනට නලජල පහසුකම් ලබාගන්නා මුළු පාරිබෝගිකයන් සංඛ්‍යාව අනූ තුන්ලක්ෂ තුන්දහසක් බවත් සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 44.3%ක් බවද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya