මෙහිදි දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළ සියලු ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
විශේෂයෙන්ම කාෂිකාර්මික, වාරිමාර්ග, මාර්ග පද්ධතිය , ජලය ,විදුලිය, වකුගඩු රෝග නිවාරණය , පුජා නගර සංවර්ධනය ආදි ක්ෂේත්‍ර පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරේ.
තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ දී සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන ක්‍රියාවලින් හි පවතින තත්ත්ය , ගැටලු මෙන්ම ඉදිරි ඉලක්කයන් පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇත.
මෙම විශේෂ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධිකරණ රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරුමැද පළාත් සභාව එක්වයි.
රැස්වීම පවත්වන ආකාරය පිඳිබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුනේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඒ ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන , මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම පරිපාලන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
DMU_Anuradhapura