නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

    ඔක්තෝබර් 13, 2015

    ශ‍්‍රී ලංකා  පුවත්පත් ආයතනයේ නියෝජිත පිරිසක් අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

    මාධ්‍ය සඳහා වන ස්වයං නියාමන ක‍්‍රියාවලිය වඩා ශක්තිමත් කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

     

    ජනාධිපතිතුමා සමඟ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහත්වරු ද මෙම සාකච්ඡාවට එක් වූහ.

     

    විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන, උපාලි පුවත්පත් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෛද්‍ය කේසවරාජ්, සන්ඬේ ටයිමිස් කර්තෘ සිංහ රත්නතුංග, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, දි අයිලන්ඞ් කර්තෘ මණික් ද සිල්වා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සී. දොඩාවත්ත, වෘත්තීය මාධ්‍යෙවිදීන්ගේ සංගමයේ කාංචන මාරසිංහ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කුමාර් ලෝජේ්ස් සහ සුකුමාර් රොක්වුඞ් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya