අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳම මහ බැංකුව අපි හදලා දෙනවා- වසර දහයක කටයුතු සොයන්න තේරුම් කාරක සභාවක්-අගමැති

    ඔක්තෝබර් 08, 2015

    මහබැංකුවේ වසර 10ක කටයුතු සම්බන්ධයෙන් සොයාබලීමට තේරුම්කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මහබංකුවේ සිදු වූ බව කියන සේවක මාරු කිරීම් සහ තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන
    මහතා විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මහ බැංකු සිදු කළ කටයුතු සම්බන්ධ‍යෙන්ද තමා සෑහීමකට පත් නොවන බවත් එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක
    කටයුතු ‍මෙ‍සේ ‍සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    විශාල පිරිසක් වසර පහකට වඩා එකම තැන සිටිනවා.ඒ සඳහා අවස්ථාව දුන්නේ කවුද?මෙරට ජනතාව ග්‍රීක් බෝන්ස් වලින් සල්ලි
    නැති වුණා. කවුද වගකීම බාර ගත්තේ. ඊ.පී.එෆ් වලට වග කියන්නේ කවුද? හෙජින් ගිවුමට කවුද වග කියන්නේ. රටේ මිනිස්සු ගෙවන්නෙ. අලුත් අය බඳවා ගන්න අවශ්‍යයි. අපි අලුත් අයත් හදන්න ඕන. එක මාරු කිරීමක්වත් වෙනස් කරන්නේ නෑ. හොදම මහ බැංකුව අපි හදලා දෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    හොඳ වෙලාවට මේ රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කළා. ඒ වගේම අපිට පුළුවන් වුණා, ප්‍රධාන පක්ෂ දෙකෙන් ආණ්ඩුවක් හදාගෙන මේකට කර ගහන්න.

    ර‍ටේ ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව නිවැරැදි මාවතට ‍ගෙන ඒමට අපි කටයුතු කරනවා. අ‍මෙරිකා එක්සත් ජනපදය අද ශක්තිමත්ව ඉදිරියට පැමිණෙමින් ති‍බෙනවා. ආ‍යෝජන ‍මේ රටට ගලා එනවා. එම නිසා ‍මේ සංවර්ධනය වන ‍දෙසට ගමන් කිරිමට හැකි මහ බැංකුවක් නිර්මාණය කිරීම අ‍පේ වගකීම යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya