අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණය විශිෂ්ඨභාවය අතින් ඉහළ මට්ටමකට ගෙනැවිත් තිබෙනවා

    ඔක්තෝබර් 08, 2015

    රටේ දේශපාලන වෙනස හරහා අධිකරණය විශිෂ්ඨභාවය අතින් ඉහළ මට්ටමකට ගෙනැවිත් තිබෙන බවත් තවදුරටත් එය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ආ යුතු බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ
    මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර එම විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර නීතිමය කටයුතුවල දී අන්‍යොන්‍ය ලෙස කටයුතු කිරීමට මෙම නියමයන් පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් හැකි වන බව අමාත්‍යවරයා පැවසී ය.


    චිනය අපේ රටට බොහෝ මිත්‍ර රටක්.වර්තමාන රජය පසුගිය රජයටත් වඩා හොඳ මිත්‍රත්වයක් චීනය සමඟ පවතිනවා.අපේ රජය තමයි,චීනය සමඟ සාකච්ඡා කර ව්‍යාපෘති සඳහා ණය නොවන ආධර ලබාගන්නේ. ඒ අනුව ඉදිරියේ දී උපරිමාධිකරණ සංකීර්ය සංවර්ධනයට චීනය එකඟ වී තිබෙනවා.


    චීනය වෙන කිසිදු ආණ්ඩුවක් සමඟ නොතිබූ ආකාරයේ මිත්‍රත්වයක් ගොඩ නගා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ අඩුපාඩු කතා කළත් රටේ තිබෙන වැදගත් ම ආයතනයක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

    රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම ගැන මතු වුණා. අද රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශස්ථ මට්ටමකින් දියුණු වී තිබෙනවා. නිසි වෙලාවටත් කලින් වාර්තා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    අධිකරණය පිළිබඳව කරන විවේචන සීමාව ඉක්මවා ගියොත් එය රටක් ලෙස, කැලලක් වෙන්න ඉඩ තිබෙනවා. විනිසුරන්ට පහසුකම් ලබාදීම, වැටුප් වැඩි කිරීම, පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. අපේ රටේ අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව ලෝකයේ අනෙකුත් රටවලට දෙවැනි නොවන තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya