මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 08, 2015

    සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ ය.

    ලෝකයේ බොහෝ අපරාධ දේශසීමාවලින් එපිටට අපරාධ සිදුවන නිසා රටකට හුදකලාව විමර්ශනය කිරීමට,නඩුවක් ක්‍රියාත්මක කිරීමට
    අපහසු වී තිබෙනවා.

    ජාත්‍යන්තර රීති පද්ධතියක් අනුව මෙම පනත සම්මත කර තිබෙනවා. ඒ අනුව එකඟතාවයට පැමිණ තිබෙනවා චීන සමූහ ආණ්ඩුව සමඟ. චීනය, ශ්‍රී ලංකා රජය අතර දීර්ඝ කාලයක සබදතාවයක් තිබෙන රාජ්‍යයක්. අන්‍යොන්‍ය ලෙස නිතිය ක්‍රියාත්මක කිරීමට මෙම නියමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම මඟින් සිදුවන බව අමාත්‍යවරයා නියමය ඉදිරිපත් කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya