මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදු සැරයටි දින ප්‍රථම කොඩිය ජනපතිට පළදවයි

    ඔක්තෝබර් 08, 2015
     
    ජාත්‍යන්තර සුදු සැරයටි  දිනය නිමිති කරගෙන  දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති කොඩි අළෙවි සතියේ ප්‍රථම කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැළැදවීම අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
    මෙහිදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත සිල්වා මහතා විසින් ජනාධිපතිතුමාට ප්‍රථම කොඩිය පළඳවනු ලැබීය.
    දෘශ්‍යාබාධිත සහ සමස්ත ආබාධිත පුද්ගලයින්ට බලපාන ගැටලු සඳහන් සංදේශයක් මෙම අවස්ථාෙවිදී එම මණ්ඩලයේ ලේකම් නුවන් ඉංදික මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදුවිය.
    සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් එම සංගමයේ ලේකම් නුවන් ඉන්දික මහතාට  සුදු සැරයටියක් සහ භාණ්ඩාගාරික පි.ඩී. නිහාල් මහතාට එම අරමුදල සදහා මුදල් පරිත්‍යාග කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.
    ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ අධ්‍යාපනික හා සුබසාධන සේවාවන් සඳහා අරමුදල් සපයා ගැනීමට මෙම මස 15 වන දා සිට 22 දක්වා වන කොඩි සතිය සංවිධානය කොට ඇති බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය පවසයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya