මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නව පිබිඳීමක් ඇති කිරීමට පුළුල් වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 08, 2015
    මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නව පිබිඳීමක් ඇති කිරීම සඳහා සියලු අංශවල දායකත්වයෙන් පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    දශක කිහිපයක ලැබූ අත්දැකීම් සමග සසඳන විට පසුගිය කාලය තුළ මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ඇදවැටීමක් දක්නට ලැබුණු අතර එම සියලු වැරදි නිවැරදි කරමින් යළිත් අපගේ කී‍්‍රඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම දිනාගෙන වසර 15 ක් ගතවීම සහ සුසන්තිකා ජයසිංහ කි‍්‍රඩා අභ්‍යාස ආයතනයේ මූලික කටයුතු ආරම්භ කිරීම මෙන්ම ඇයගේ ජීවිත කථාව වන "මගේ කථාව" ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයට එක් වෙමිනි.
     
    මෘතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරය පුරා පතුරවමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මාතෘ භූමිය වෙනුවෙන් සිය වගකීම් ඉටු කළ බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    එමෙන්ම ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් නැගී සිට ජීවිතය ජයගත් ඇය පරාජයෙන් ඇද නොවැටී විවේචනයන්ගෙන් පසුනොබා, දුෂ්කරතා මැඩ ගනිමින් ජීවිතය ජය ගැනීමේ මහඟු ආදර්ශය සමාජයට ලබාදුන් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය අර්ජුන රණතුංග, හිටපු කි‍්‍රඩා අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya