මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම පියවරක්ම ගන්නවා

    ඔක්තෝබර් 07, 2015

    කුඩා තේ දළු හිමියන්ගේ ආරක්ෂාව මෙන් ම තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම පියවරක් ම ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

    මාර්තු මාසයේ සිට රුපියල් 80ක සහනාධරයක් තේ දළු සඳහා ලබාදුන්නා මේ රජය විසින් .රුපියල් බිලියන හයක් වියදම් කර
    තිබෙනවා.මේ රජය කළේ කුඩා තේ වතු හිමියන් ආරක්ෂා කිරීමයි.

    ජාත්‍යන්තර තේ මිල කඩා වැටී තිබෙනවා. එය පිළිගත යුතුයි.එය අපේ වරදක් නොවේ.මෙය විවෘත වෙළඳපොළක්.අපිට හංගන්න දෙයක්
    නෑ.

    අපි සියලුම අවශ්‍ය සාධකවලට සහන ලබාදී තිබෙනවා.තේ කර්මාන්තය නවීකරනයට ලක් කිරීම අවශ්‍යයි.තේ කර්මාන්තයට විදේශ
    විනිමය අවශ්‍යයි.ඒ සඳහා කර්මාන්තය දෙස අලුතින් බැලිය යුතුයි.


    කුඩා තේ දළු සඳහා තවදුරටත් අලුත් තේ දළු සංශෝධන යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya