මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කර්මාන්තය නව වෙළඳපොලක් සොයා යා යුතුයි

    ඔක්තෝබර් 07, 2015

    තේ කර්මාන්තය සඳහා දීර්ග කාලීන විසදුම්වලට යා යුතු බවත් සාම්ප්‍රදායික අපනයන රටවලට සීමා නොවී නව වෙළඳපොලක් සොයා යා යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (07) මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ
    යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

    තේ කර්මාන්තයේ අර්බුද කාලයේ දී රජයක් ලෙස අනිවාර්යෙන් ම මැදිහත් වෙනවා.අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, වැවිලි
    කර්මාන්ත අමාත්‍යතුමා, ඇතුළු රජය මෙය හොඳින් තේරුම්ගෙන තිබෙනවා.

    තේ කර්මාන්තයේ අර්බුද තිබෙන විට එක්සත් ජාතික පක්ෂ රජය බලය සිටියදී සැමවිටම මැදිහත් වී තිබෙනවා.තේ කර්මාන්තය සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන අංශයක්.තේ කර්මාන්තය දිස්ත්‍රික්ක 12ක ව්‍යාප්ත වී තිබෙනවා.තේ හෙක්ටයාර් 1,88,000ක් ව්‍යාප්තව තිබෙනවා.රැකියා ලක්ෂ 15කට වැඩියි.තේ නිෂ්පාදනයේ සියයට 73%ක් නිෂ්පාදනය කරන්නේ කුඩා තේ වතු හිමියන්.වසරකට තේ කිලෝ මිලියන 340ක් රට තුළ නිෂ්පාදනය කරනවා.

    තේ අර්බුදය ඇති වී තිබෙන්නේ ලෝක වෙළඳපොළ තුළයි.රජය මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා 

    වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya