බීම සමාගමක් හේතුවෙන් කැලණි ගඟේ ජලය අපවිත්‍රවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ(06) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කරන ලද ප්‍රකාශයට පිළිතුරු දෙමින් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද(07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා, කැලණි ගඟ ආශ්‍රිතව පවතින මහා පරිමාණ කර්මාන්ත ශාලා පිළිබඳ පසුවිපරම් සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය සකස් කර ඇති බවත් ඒ
සම්බන්ධයෙන් කටයුතු සිදු කර තිබෙන බවත් ජාතික ජලාපවාහන මණ්ඩලය ද ඒ සඳහා සහාය ලබාදෙන බව පැවසී ය.
මේ සම්බන්ධයෙන් 2015-8-17 දින පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා,අධිකරණ තීරණයෙන් පසුව ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පැවසී ය.