මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොපි මල් දිනය නිමිත්තෙන් ජනපතිට පොපි මලක් පළඳවයි

    ඔක්තෝබර් 07, 2015

    සෑම වසරකම නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන "පොපි මල් දිනය" නිමිතිකොට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොපි මලක් පැළැඳවීම අද (07) පෙරවරුවේදී සිදුවිය.

    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාට මෙම පොපි මල පළඳවනු ලැබීය.

     

    තවද, දෙවන ලෝක යුද සමයේ යුද භටයෙකු වූ එච්.ජී.පී. ජයසේකර මහතා විසින් රචිත " How Japan Bomb Tiny Ceylon "  ග්‍රන්ථය ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වීය.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ අද්මිරාල් සමරතුංග, භාණ්ඩාගාරික කර්නල් අමරකොන්, උප සභාපතිවරුන් වන කර්නල් ගනේගොඩ, වික්ටර් ජෙයරාජ් යන මහත්වරු එක්ව සිටියහ.

     

    SDF

    popy1popy2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya