මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවා සැබෑ මිනිසෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි

    ඔක්තෝබර් 07, 2015
    මවක් විසින් බිහි කරන දරුවා දාර්ශනිකයෙක්, උගතෙක්, බුද්ධිමතෙක් මෙන්ම ශ්‍රේෂ්ට කලාකරුවන්, දේශපාලඥයන්, ජනනායකයන් බවට පත් කරන්නේ පාසල තුළින් වන අතර ඔහු සැබෑ මිනිසෙකු ලෙස ගොඩනගන්නේ ගුරුවරයා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    තම ඇසුරට පත්වන ශිෂ්‍යයා දැනුමෙන්, විනයෙන්, සංවරකමෙන් මෙන්ම දක්ෂතාවලින් හා ආකල්පවලින් සංවර්ධනය කිරීම ගුරවරයා සතු ප‍්‍රධාන වගකීමක් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා ගුරුවරයා හුදෙක්ම වෘත්තිකයෙකු ලෙස නොව සමාජය තුළ ගෞරවයට පාත‍්‍ර වූවෙකු ලෙස සම්භාවනාවට ලක්වන්නේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ගුරුවරයා ඉටුකරන මහගු කාර්ය භාර්යය නිසාම බවද පෙන්වා දුනි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ, ගුරු ප‍්‍රතිභා ප‍්‍රභා 2015, ප‍්‍රණාම උළෙලට එක් වෙමිනි.
     
    ශිෂ්‍යයා දැණුමෙන් සහ දක්ෂතාවලින් පමණක් සංවර්ධනය කිරීමෙන් ගුරුවරයා සතු කාර්යය භාර්යය නිමා නොවන අතරම දරුවන්ගේ හදවත් යහපත් චින්තනයෙන් පරිපූර්ණත්වයට පත් කිරීමට ගුරවරුන් වෙහෙසිය යුතු අතර අහිංසක මල් කැකුළු වැනි දරුවන් අකාලයේ මිලින වී යන්නේ සමාජයේ කොතැනක හෝ පවතින අඩුපාඩුවක් නිසා බව සිහිතබා ගත යුතු බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    පන්ති කාමරයේ වගකීම සමාජයේ සෑම තැනකදීම ගුරවරුවරයා විසින් දැරිය යුතු අතර කුරිරු සමාජයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද පන්ති කාමරය තුළ සිටම දරුවා දැණුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස තමා දකින බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    පාසල් වේලාවෙන් පසුව දරුවන් රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් සහ වැඩිහිටියන් දැණුවත් කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශය හරහා ඉදිරියේ දී කි‍්‍රයාත්ම කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පරිවේනාධිපති හිමිවරුන්, පිරිවෙන් ආචාර්යවරුන් සහ කන්‍යා සොහොයුරියන් වෙනුවෙන් උපහාර පුද කිරීම මෙහිදී සිදු කෙරිණි.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධකි‍්‍රෂ්නන් යන මහත්වරුන් ද, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු, පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya