ජපානය සහ ශ්‍රි ලංකාව අතර ප්‍රකාශයට පත් කිරීමට නියමිත සහයෝගිතා ප්‍රකාශය මගින් දෙරට අතර දේශපාලන, ආර්ථික, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගිතාවයේ අනාගත දිශානතිය පැහැදිලි කෙරෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජාතික සංහිඳියාව සහ සාමය ඇති කිරීම සඳහා ශ්‍රි ලංකාව දරන ප්‍රයත්නයට ජපානයේ සහයෝගය හුදෙක්ම බලාපොරොත්තු වන බව පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා අර්බුදකාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල සමාජ සහ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා ආධාර සමුළුවක් කැඳවීමට ජපාන රජයේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කෙළේය.
වත්මන් ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතීමට අවස්ථාව ලද තුන්වෙනි දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතාය. අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් මීට පෙර වත්මන් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අමතා දේශන පවත්වා තිබිණි.
ශ්‍රි ලංකාවේ සහ අග්නිදිග ආසියාවේ ආර්ථික කටයුතු වර්ධනය කිරීම සඳහා ජපානය නායකත්වය ගනු ඇතැයි තවදුරටත් එහිදී විශ්වාසය පළ කළ අගමැතිවරයා එමගින් දකුණු ආසියානු කලාපයේ ආර්ථික ශක්‍යතාවන් සාක්ෂාත් කර ගැනීමටත් ,ජීවන තත්ත්වය උසස් කර ගැනීමටත් අවස්ථාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකාවේ නව ගමන් මාර්ගය සඳහා ජපානය සමග විද්‍යා සහ තාක්ෂණ සහයෝගිතාව ඇති කර ගැනිම යෝග්‍ය බව යෝජනා කළ වික්‍රමසිංහ මහතා බහුවිධ ක්‍රියාමාර්ගයන් මගින් ජපානය ලබා ඇති අත්දැකිම් භාවිතයට ගත හැකි බවද කියා සිටියේය.
පුරා පැය භාගයක කාලයක් පැවති දේශනය අවසානයේ ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් අසුන් වලින් නැගී සිට විනාඩි ගණනාවක් මුළුල්ලේ එක දිගටම අත් පොළසන් දෙමින් වික්‍රමසිංහ මහතාට උණුසුම් ප්‍රතිචාර දැක්වූහ.
පාර්ලිමේන්තු පරිස්‍රයේ විශේෂ සභා ශාලාවේ පැවති මේ සුවිශේෂී අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විශේෂ ආරාධිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.
SDF