මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය ගැන සාකච්ඡාවක්

    ඔක්තෝබර් 06, 2015

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම අතරතුර බැන්කීමූන් මහතා හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

    අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් සමඟ පැවති හමුවේදි ජනාධිපතිතුමන් මෙම අදහස් පළ කළේය.

    මෙම සාකච්ඡාවේදී මෙරට පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර පානීය ජල ගැටලුවලදී ප්‍රධාන වශයෙන් දුප්පත් ජනතාවට මුල්තැන ලබාදී කටයුතු කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම මෙරට පවතින පානීය ජලය, කෘෂී කාර්මික, සෞඛ්‍ය ඇතුළු විවිධ අංශ සඳහා අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් නිලධාරීන් විසින් ජනාධිපතිතුමන්ව දැනුවත් කරනු ලැබීය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය වසර ගණනාවක් පුරා මෙරට සංවර්ධනයට ලබාදුන් සහය සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියටත් එම සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, යන මහත්වරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya