මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ සිදුවන්නේ ඇයිදැයි පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ යුතුයි

    ඔක්තෝබර් 06, 2015

    අපරාධ සිදුවන්නේ ඇයිදැයි පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් රටේ අපරාධ වැලැක්වීමට නීතිය මඟින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුව අවධානය යොමු කිරීමේ යුතුකමක් තිබෙන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ළමා අපචාර හා ස්ත්‍රී දූෂණය කරන වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම
    ගෙන ආ යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව
    ගෙන ආ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අද ලෝකයේ  රටවල් සීයකට වැඩි සංඛ්‍යාවක් මරණීය දණ්ඩනය ස්ථාපිත කර නෑ. ඉවත් කරලා තිබෙනවා. ලෝකයේ අද ප්‍රවණතාව තිබෙන්නේ මරණීය දණ්ඩනය ඉවත් කළ යුතුයි,එසේ නැතිනම් ක්‍රියාත්මක නොකළ යුතුයි කියලයි.

     

    විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල දඬුවම ක්‍රියාත්මක කරන්නේ පළිගනීමේ ක්‍රියාවලියක් ලෙස නොව,නිවැරදි කිරීමේ
    ක්‍රියාදාමයක් සහ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාදාමයක් වශයෙනි.

     

    යුරෝපා සංගමයට අයත් සෑම රටකම මරණීය දණ්ඩනය ඉවත් කර තිබෙනවා. ලෝකයේ රටවල් 103ක පමණ මරණීය දණ්ඩනය ඉවත්
    කරනු ලැබුවත්,තවත් රටවල් තිබෙනව මරණීය දණ්ඩනය නීතියෙන් ක්‍රියාත්මක වන.එහෙත් ප්‍රායෝගිකව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක
    වන්නේ නෑ.

     

    ඉන්දියාවේ මරණ දඬුවම ඉවත් කරගැනීමට නිර්දේශ වී තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. චීනය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා, මරණ දණ්ඩනය නියම කරන අපරාධ වැරදි කීපයක් අඩු කිරීමට.


    අති උතුම් පාප් වහන්සේ සැප්තැම්බර් 24 එක්සත් ජාතීන්ගේ සභාව ආමන්ත්‍රණය කළා. උන් වහන්සේ ඉල්ලීමක් කළා, ලෝකයේ සියලු රටවලින් මරණීය දණ්ඩනය නීතියෙන් ඉවත් කරන්න කියලා. ඒ අනුව පසුගිය මානව හිමිකම් කවුන්සිලයට විදේශ කටයුතු අමාත්‍යතුමා දේශනයක් කළා. ඒ දේශනයෙත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම,ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එතුමා ප්‍රකාශ කර තිබෙනවා.

     

    මීට වඩා පුළුල්ව සාකච්ඡාවට භාජනය කළ යුතු කාරණය තමයි, ඇයි මෙම අපරාධ සිදුවන්නේ කියලා.උත්තරීතර පාර්ලිමේන්තුවට යුතුකමක් තිබෙනවා,මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරලා,නීතිය මඟින්, මෙවැනි අපරාධ වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගනීමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya