මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජයේ අපරාධ ඇතිවීමට හේතුවන, හේතුමූලයන් සොයා,එම මූලයන් වැළැක්වීමට කටයුතු කළ යුතුයි

    ඔක්තෝබර් 06, 2015

    රජයක් ලෙස මේ අවස්ථාවේ කළ යුතු වන්නේ,සමාජයේ අපරාධ ඇතිවීමට හේතුවන, හේතුමූලයන් සොයා,එම මූලයන් වැළැක්වීමට කටයුතු කිරීම බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ළමා අපචාර හා ස්ත්‍රී දූෂණය කරන වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම ගෙන ආ යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගෙන ආ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    මරණ දඬුවම අපරාධ වැළැක්වීමට ක්‍රමවේදයක් නොවෙයි.ප්‍රතිපත්තියක් ලෙස මෙම මතය ජනප්‍රිය වුවත් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නෑ.බුද්ධියට ඉඩ දෙන්න හඟිම්වලට වහල් වෙන්න එපා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    ලෝකයේ බොහෝ රටවල අපරාධ අඩුවී තිබෙන්නේ මරණීය දණ්ඩනය නිසා නොවේ. වෙනත් රටවල සාධාරත්වය යුක්තිය ඉටුවීම, ඒ සමාජයේ ගුණාත්මකභාවය ඉහළ යන නිසයි.

    මේ රටේ අපරාධ ප්‍රවතාව නැවතීම රජයේ වගකීමයි.රජයක් ලෙස මේ අවස්ථාවේ කළ යුතු වන්නේ,සමාජයේ අපරාධ ඇතිවීමට හේතුවන, හේතුමූලයන් සොයලා,එම මූලයන් වැලක්වීමට කටයුතු කිරීමයි.

     

    මෙම කෲර අපරාධකරුවන්ට දැනෙන,තේරෙන විදියට අඬුවම් දෙන ක්‍රමයක් අපි තේරුම්ගත යුතුයි.ළමා අපරාධකරුවන්ට, මිනී මරුවන්ට මරණය සැප වැඩියි.බරපතල අපරාධකරුවන්ට නැවත කිසිදිනක එළියට පැමිණිය නොහැකි ලෙස සිරගත කිරීම කළ යුතු යැයි ද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මරණ දඬුවම කියන්නේ ජනප්‍රියත්වයේ තෝරාගැනීමයි.මරණ දඬුවම කියන්නේ බැරිකමේ ලක්ෂණයක් බවද ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya