මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමයින් සඳහා වෙනම අධිකරණ පද්ධතියක් අවශ්‍යයි

    ඔක්තෝබර් 06, 2015

    ළමයින් සඳහා වෙනම අධිකරණ පද්ධතියක් ඇති කිරීමට අවධානය යොමු විය යුතු යැයි නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරිය අද (06) පාර්ලිමේන්තුවේ දී ගෙන ආ සභාව කල්තැබෙන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ
    බව පැවසී ය.

     

    ළමා අපචාර හා ස්ත්‍රී දූෂණය කරන වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම ගෙන ආ යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගෙන ආවේ ය.

     

    ළමයින්ගෙන් සාක්ෂි විමසීමේ දී නව තාක්ෂණය භාවිත කරමින්, වීඩියෝ මගින් කිරීම වැදගත්. අලුත් පරිසරය තුළ දරුවන් නැවත නැවත
    අපයෝජනය වෙනවා.ඉතාම කෙටි කලකින් නඩු ඇසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.එමෙන් ම වරද කරුවන් පුනරුත්ථාපනය කිරීම ක්‍රමය වැදගත්. ළමා අපයෝජන වළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම  වැදගත් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya