තම ඇසුරට පත්වන ශිෂ්‍යයා දැනුමෙන්, විනයෙන්, සංවරකමෙන් මෙන්ම දක්ෂතාවලින් හා ආකල්පවලින් සංවර්ධනය කිරීම ගුරවරයා සතු ප්‍රධාන වගකීමකි. ගුරුවරයා හුදෙක්ම වෘත්තිකයෙකු ලෙස නොව සමාජය තුළ ගෞරවයට පාත්‍ර වූවෙකු ලෙස සම්භාවනාවට ලක්වන්නේ යහපත් සමාජයක් ගොඩනැනැඟීම සඳහා ගුරුවරයා ඉටුකරන මහගු කාර්ය භාර්යය නිසාම බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ,ගුරු ප්‍රතිභා ප්‍රභා 2015, ප්‍රණාම උළෙලට අද (06) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.
ශිෂ්‍යයා දැණුමෙන් සහ දක්ෂතාවලින් පමණක් සංවර්ධනය කිරීමෙන් ගුරුවරයා සතු කාර්යය භාර්යය නිමා නොවේ. දරුවන්ගේ හදවත් යහපත් චින්තනයෙන් පරිපූර්ණත්වයට පත් කිරීමට ගුරවරුන් වෙහෙසිය යුතු අතර අහිංසක මල් කැකුළු වැනි දරුවන් අකාලයේ මිලින වී යන්නේ සමාජයේ කොතැනක හෝ පවතින අඩුපාඩුවක් නිසා බව සිහිතබා ගත යුතු බවද ප්‍රකාශ කළේය.
එබැවින් පන්ති කාමරයේ වගකීම සමාජයේ සෑම තැනකදීම ගුරවරුවරයා විසින් දැරිය යුතු අතර කුරිරු සමාජයට මුහුණ දෙන ආකාරය පිළිබඳවද පන්ති කාමරය තුළ සිටම දරුවා දැණුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස තමා දකින බවද කියා සිටියේය.
පාසල් වේලාවෙන් පසුව දරුවන් රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද දෙමාපියන් සහ වැඩිහිටියන් දැණුවත් කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඉදිරියේදී ක්‍රියාත්මකන කරන බවද ප්‍රකාශ කළේය.
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පරිවෙනාධිපති හිමිවරුන්, පිරිවෙන් ආචාර්යවරුන් සහ කන්‍යා සොහොයුරියන් වෙනුවෙන් උපහාර පුද කිරීම මෙහිදී සිදු කෙරිණි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධක්‍රිෂ්නන් යන මහත්වරුන්ද පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.