මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ දඬුවම ගෙන එන්නැයි සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක්

    ඔක්තෝබර් 06, 2015

    බාලවයස්කාර දරුවන් දරුණු ලෙස වද දී කෲර ලෙස මරණයට පත් කරන වරදකරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කළ යුතු යැයි යෝජනාවක් සභා කල්තබන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    “මිනිස්සු නීතියට අවනත වෙන්නේ දඬුවමට තිබෙන බය නිසයි. අද ළමා අපචාරවලට සහ දූෂණවලට තිබෙන දඬුවම් ප්‍රමාණවත් නෑ. රටේ අපරාධ රැල්ල අඩු වෙලා ද වැඩි වෙලා ද කියලා බලන්න ඕන.

     

    මර දඩුවම නියම වූ අය ඉන්නවා. හෙරෝයින් චෝදනා තිබෙන අය ඉන්නවා. ළමයි, ස්ත්‍රීන්, දුෂණ කර ඝාතනය කළ අය සැළකිය යුතු පිරිසක් මේ අතර සිටිනවා. නීති පද්ධතියේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යා යුතුයි. සමාජයේ ආකල්පය වෙනස් කර ගත යුතුයි.

     

    පාලකයින් සැමට ලොකු වගකීමක් තිබෙනවා. මේ ගැන මානුෂිකව බැලිය යුතුයි. ආගම සහ නීතිය පටවා ගත යුතු නෑ. පුංචි හය හතර නොතේරෙන  දරුවන් කෲර ලෙස ඝාතනය කරන අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි“ යැයි යෝජනා කරන බව මන්ත්‍රීවරිය පැවසී ය.

     

    කල්තැබීමේ යෝජනාව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ස්ථීර කළ අතර අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න එපා යැයි ද නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya