නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ දී පරිසර නීති නොසලකා හරින්නේ වාණිජ අරමුණු වෙනුවෙන් - ජනපති

    ඔක්තෝබර් 06, 2015

    සංවර්ධන ක්‍රියාදාමයෙහි පරිසර සංරක්ෂණයට අදාළ නීති රීති කොතෙක් තිබුණත් ඊට පටහැනිව කටයුතු කරන්නේ අනවබෝධය නිසා නොව වාණිජ සහ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

    පරිසර සංරක්ෂණය පිළිබඳ සමස්ථ ලෝකයේම අවධානය යොමු වී තිඛෙන මෙම අවස්ථාවේ පරිසරය ආරක්ෂා කිරීම වගකීමක් ලෙස නොව මානුෂීය යුතුකමක් ලෙස සලකා සියලූදෙනා කටයුතු කළයුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජාතික හරිත සම්මාන 2015 උළෙලට ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

     

    මිනිසා ප්‍රමඛ සමස්ථ සත්වයාගේ පැවැත්ම සඳහා පරිසර සංරක්ෂණය ඉතා වැදගත් වෙයි. පරිසරයට යම් විපතක් සිදු වන්නේ නම් අප ආර්ථීක වශයෙන් ලබන ලාභයට වඩා දිගුකාලීනව රටට සිදුවන විපත සලකා එය සිදු නොකිරීමට සියලූදෙනා වගබලාගත යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    කැළි කසල ප්‍රශ්නයට සහ ඝන අපද්‍රව්‍ය ප්‍රශ්නයට තවමත් අපට විසඳුම් සොයා ගත නොහැකිව ඇත්තේ ආයතන වශයෙන් තිඛෙන දුරස්ථභාවය නිසා බවද මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා අදාළ සියලූ ආයතනවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළින් ඊට විසඳුම් ලබාදීමට නව රජය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

     

    ජාතික හරිත සම්මාන 2015 වැඩසටහන තුළින් ක්ෂේත්‍ර 16 ක් යටතේ ජාතික පරිසර පනතේ තිඛෙන ප්‍රතිපාදනවලට අනුගතව සිය අරමුණු ඉටුකරගත් ආයතන ඇගයීමට ලක් කරමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

     

    ජනාධිපතිතුමා සංකේතාත්මකව සම්මාන ප්‍රදානය කිරීමට එක් විය.

     

    පරිසර සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya