සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ අන්ධභාවයෙන් පෙළෙන දරුවන් පිරිසක් විසින් සංවිධානය කළ මෙම ප්‍රසංගය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
අන්ධභාවයෙන් පෙළෙන දරුවන්ගේ ගායන වාදන ඇතුළත් වූ මෙම ප්‍රසංගය ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය කිරීමට නොහැකි දරිද්‍රතාවයෙන් පෙළෙන ඇස් රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණෙන් සංවිධානය කොට තිබිණි.
එමෙන්ම ඔක්තෝම්බර් 8 වනදාට යෙදෙන ලෝක දෘෂ්ඨි දිනයට සමගාමීව පාපැදි සවාරියක් සහ පාගමනක් ද පැවැත්වීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කෙරෙමින් පවති.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ කලාකරුවන් පිරිසක් සහභාගී විය.