මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතුකුරුස සංගමයේ සභාපති අතර හමුවක්

    සැප්තැම්බර් 27, 2015

    සැසිවාරය අතරතුර දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතු කුරුස සංගමයේ සභාපති Mr. Peter Maurer අතර සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර පැවැත්විණි.

    අන්තර්ජාතික රතුකුරුස සංගමය මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටුකළ සේවය අගය කළ ජනාධිපතිතුමා ඉදිරියටත් රතුකුරුස සංගමයේ සේවය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව පැවසීය.

    යුද්ධය පැවති සමයේ තම සංගමය උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මානුෂීය සත්කාර සේවා රැසක් ක්‍රියාත්මක කළ බව පැවසූ අන්තර් ජාතික රතුකුරුස සංගමයේ සභාපතිවරයා, එම ප්‍රදේශවලින් ඉවත්ව ගියත් එම ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කැපවන බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන අතර පැවති අඩුලුහුඩුකම් මගහැර ගනිමින් ඉදිරි වැඩකටයුතු සාර්ථකව ඉටු කරනු ඇතැයි යන්න තම විශ්වාසය බව Mr. Peter Maurer සඳහන් කළේය.

    පැවති අඩුලූහුඩුකම් නිවැරදි කරගනිමින් කටයුතු කිරීම මේ වනවිටත් තම රජය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya