මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජීවත් වන බව පැවසූ ස්විට්සර්ලන්ත ජනපතිනිය, ඔවුන් සමග පවත්නා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යන්හි දී තම රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් පැවසුවාය.
එම සහය සදහා සිය ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා නව ව්‍යවස්ථා සංශෝධන තුළින් ක්‍රියාත්මක කෙරෙන නව රජයේ ඉදිරි කටයුතු සදහා ස්විට්සර්ලන්ත රජයේ සහය බලාපොරොත්තු වන බවත් පැවසීය.
එමෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබදව ස්විට්සර්ලන්ත ජනාධිපතිනියව දැනුම්වත් කළ ජනාධිපතිතුම ඒ සඳහා ද ස්විට්සර්ලන්ත රජයේ සහය අපේක්ෂා කරන බව සදහන් කළේය.