ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ද වැඩබලන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා ද මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.
එක්සත් ජාතීන්ගේ 70 වන සැසිවාරය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ ගතවීමට නියමිත බැවින් මෙම අමාත්‍යාංශයන්හි වැඩ බලන අමාත්‍යවරු පත් කෙරිණි.
ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුවූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්විය.