තම ශ‍්‍රී ලංකා නිල සංචාරය අතරතුර, ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සුහද හමුවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
දිගු කලක සිට ජර්මනිය ශ‍්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ලෝකයේ සෑම රටක් සමගම යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම, ශ‍්‍රී ලංකා නව රජයේ විදේශ ප‍්‍රතිපත්තිය බව සඳහන් කළේය.
ජර්මානු රජයේ වියදමින් කිලිනොච්චියේ ඉදිවෙමින් පවතින වෘත්තීය පුහුණු පාසල ගැන සිහි කළ
ජනාධිපතිවරයා, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේදී දියුණු තාක්ෂණය ඉහළ ප‍්‍රමිතියෙන් යුතුව භාවිතා කරන රටක් ලෙස, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික හැකියාවන් වර්ධනයට සහයෝගය දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.
ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව තහවුරු කිරීම තම රජයේ වැඩපිළිවෙළ බව සඳහන් කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ද තම රජය කැපවෙන බව සඳහන් කළේය.
ජර්මානු ආයෝජකයන්ට ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනයට ආරාධනා කළ ජනාධිපතිතුමා, ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ද පොරොන්දු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සහ සංහිඳියාව අත්පත් කර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජර්මානු රජයේ ප‍්‍රසාදය, මෙහිදී ජර්මානු විදේශ අමාත්‍යවරයා විසින් පළ කරන ලදී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට ජර්මනියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය කළ ආරාධනය මෙහිදී, ජර්මානු විදේශ ඇමතිවරයා විසින් දන්වා සිටි අතර ජනාධිපතිතුමා විසින් එම ආරාධනය පිළිගන්නා ලදී.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සී. වාගීෂ්වර සහ ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් වූහ.