සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ 64 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, සුරාබදු කොමසාරිස් බුද්ධික වේරගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ උත්සවයට එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය