මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල තුමාගේ 151 ජන්ම සංවත්සරය සැමරීම ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2015

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සංවත්සර  උත්සවය  අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුසුමරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී ජනාධිපතිතුමා ධර්මපාලතුමාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීය.

     

    ධර්මපාල තුමන් විසින් සිංහල බෞද්ධයා පුවත්පතට ලියන ලද ලිපි ඇසුරින් සකස් කරන ලද "දැනගතයුතු කරුණු" නම් වු ග්‍රන්ථය ජනපතිතුමන් අතින් මහාසංඝරත්නය වෙත පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි. මෙම ග්‍රන්ථය මුද්‍රණය කර පාසැල් අතර බෙදා දීමටද කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

     

    මීට වසර 150 කට එහා ඉපදුනු උතුම් ජාතික ආගමික මෙහෙවරක් ඉටුකල බෝධිසත්ව ගුණයෙන් යුත් මානව හිතවාදියකු පිළිබදව මෙලෙස කතා තරන බවත් දවසින් දවස සතියෙන් සතිය ලෝකය වෙනස් වෙන විට නව තාක්ෂණය හා වෙළද වටිනාකම සමග මිනිසුන්ගේ වටිනාකමද රුපියල් ශත වලින් මනින්නට තරම් සමාජය පරිහානියට පත්ව ඇති බවත් එවැනි කාලයක නිවැරදි දර්ශනයක් තුලින් ජාතියට මග පෙන්වු උතුම් කාර්යයක් කළ ඒ උතුම් මිනිසාගේ සැබෑවු දර්ශනයේ වටිනාකම දිනෙන් දින වැඩි වනවා යයි ජනපති පැවසීය.

     

    ධර්මපාලතුමා  සිංහල බෞද්ධයා තුළ මනා ප්‍රබෝධයක් පුනරුදයක් ඇති කිරීම සදහා විශාල කැප කිරීමක් කළ බවත් එසේම යටත් විජිත යුගයේ සිංහල බෞද්ධ ජනතාව තුළ තිබෙන දුර්වලකම් අතපසුවීම් මග හරවා ගනිමින් ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටින්නට මග පෙන්වුවා යැයිද එතුමා පැවසීය.

     

    එමෙන්ම අදත් එදත් මහා ජාතික ව්‍යසනයක් වු මදසාර දුම්වැටි මත්ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කිරීම සදහා ධර්මපාලතූමා අමදප ව්‍යාපාරය තුළින් ජනතාවට ලබාදුන් පණිවිඩය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     

    අපි අද රජයක් විදිහට ධර්මපාල ධර්මයට ගරු කරමින් මත්ද්‍රව්‍ය උවදුරට විරුද්ධව විශාල ව්‍යාපාරයක්  ගෙන යන්නටත් දේශීය කර්මාන්ත දේශීය ආහාර ශක්තිමත් කිරීම රාජ්‍ය ප‍්‍රතිපත්තියත් බවට පත් කිරීමට අප කටයුතු කරනවා යයිද ඔහු පැවසීය.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍යවරුන් වන කරු ජයසුරිය, විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ද පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya