මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා ඊයේ පෙරවරුවේ එම අමාත්‍යාංශයේ වැඩ භාරගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න ඇතුළු මහත්වරුන් ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
SDF