නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කෙරේ

    සැප්තැම්බර් 17, 2015

    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    මනෝ තිත්තවැල්ල මහතා වකුගඩු රෝග නිවාරණය සඳහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස පත් කිරීම ද මෙහිදී සිදුවූ අතර ඒ මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේය.

     

    වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සන්නාම  තානාපතිවරු ලෙස පත්කල මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන්ට එම ධුරයේ වගකීම සහ අරමුණ සහිත ලිපි ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    වෙළද ව්‍යාපාරික බර්ටි පෙරේරා මහතා විසින් වකුගඩු රෝග නිවාරණ අරමුදල සඳහා රුපියල් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    දර්ෂණ රුවන් දිසානායක මහතා විසින් ප්‍රතිඅශ්‍රැතකරණ උපකරණ සම්බන්ධ ලේඛණ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.

     

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya