නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් අතර හමුවක්

    සැප්තැම්බර් 17, 2015

    ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් අතර හමුවක් අඟහරුවාදා (15) පස්වරුවේ කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරින්ගේ නිල නිවසේදී පැවැත්විණි.

    රාජ්‍ය නායකයෙකු වසර 20 කට පසු කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරින්ගේ නිල නිවස වෙත පැමිණි ප්‍රථම අවස්ථාව සිනිටුහන් කරමින් පොලිස් නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා නිලධාරින් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

     

    අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

     

    නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya